ඔස්ට්‍රේලියා ඉතිහාසයේ පළමු වරට Woolworths – Coles ඒකාබද්ධ වර්ජනයක්

ප්‍රාන්ත 06 ක Woolworths සහ Coles සුපිරි වෙළඳසැල් ජාලවල සේවකයන් සිය ගණනක් එළඹෙන සති අන්තයේදී වර්ජනයකට සූදානම් වනවා.

වැටුප් සහ සේවා කොන්දේසි පදනම් කරගනිමිනුය මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ඉතිහාසයේ වෙනස් හිමිකාරීත්වය සහිත සුපිරි වෙඝඳසැල් ජාල 02 ක සේවකයන් විසින් ඒකාබද්ධ වර්ජනයක් සංවිධාන කරන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

ටස්මේනියා සහ Northern Territory හැර අනෙකුත් ප්‍රාන්ත 06 ම Coles සහ Woolworths සේවකයන් 1,000 කට වැඩි පිරිසක් මීට එක්වීමට නියමිතයි.

සුපිරි වෙළඳසැල් ජාල විසින් ඩොලර් බිලියන ගණනක ලාභ ලබමින් සිටින පසුබිමක සිය වැටුප් වැඩි නොකරන බව ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව වී තිබෙනවා.

ලබන සිකුරාදා පස්වරුවේ සිට මෙම වර්ජනය ආරම්භ කෙරෙන අතර සති අන්තයේ අලෙවි කටයුතු සඳහා සැලකිය යුතු බලපෑමක් එල්ල වනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »