Search

ජනමත විචාරණය සඳහා ලක්ෂ 06 ක් ඡන්දය භාවිත කර අවසන්

ස්වදේශික හඩ ජනමත විචාරණය සඳහා ලක්ෂ 06 කට අධික පිරිසක් දැනටමත් ඡන්දය භාවිත කර අවසන් බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ලියාපදිංචි සෑම ඡන්ද දායකයෙකුම පූර්ව ඡන්ද – තැපැල් ඡන්ද හෝ එදින ඡන්ද මධ්‍යස්ථානයට ගොස් යන ඕනෑම ක්‍රමයකින් ඡන්දය භාවිත කරන ලෙසයි අගමැතිවරයා ඉල්ලා සිටින්නේ.

ලබන 14 වනදා පැවැත්වීමට නියමිත ජනමත විචාරණයේ පූර්ව ඡන්ද ප්‍රකාශය මේ දිනවල සිදු කෙරෙනවා.

ඔක්තෝබර් 11 වනදා පස්වරු 06 තෙක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමටද අවස්ථාව පවතිනවා.

ඔස්ටේ්‍රලියානු මැතිවරණ නීතියට අනුව ලියාපදිංචි ඡන්ද දායකයන් ඡන්දය භාවිත කිරීම අනිවාර්ය වන අතර නොඑසේනම් ඔවුනට දඩයකට යටත්වීමටද සිදුවනවා.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »