
ඔස්ට්‍රේලියාව තුළ වැඩිම පුරප්පාඩු සහිත නවතම රැකියා ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට අනුව වැඩිම පුරප්පාඩු පවතින්නේ කලා සහ නිර්මාණ ක්ෂේත්‍රයේයි.
2020 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව එම රැකියා සියයට 265.6 කින් වැඩිවී ඇති බව සඳහන්.

දෙවන ස්ථානයට නවාතැන් සහ ආහාර සේවා කර්මාන්තය පත්ව ඇත්තේ කොවිඩ් සමයට පෙර පැවති තත්වයට වඩා රැකියා පුරප්පාඩු සියයට 181 ක වර්ධනයක් පෙන්නුම් කරමිනුයි.
විදුලි – ගෑස් – ජලය සහ අපද්‍රව්‍ය සේවා 03 වන ස්ථානයටත් / සෞඛ්‍ය අංශය 04 වන ස්ථානයටත් / නිෂ්පාදන අංශය 05 වන ස්ථානයටත් පත්වී තිබෙනවා.

සිල්ලර වෙළඳ අංශය 06 වන ස්ථානයේත් – අධ්‍යාපන සහ පුහුණු අංශය 07 වන ස්ථානයටත් – පරිපාලන සේවා 08 වන ස්ථානයේත් පසුවනවා.
සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව රැකියා පුරප්පාඩු වැඩිම ක්ෂේත්‍ර අතර 09 වන ස්ථානයට පතල් සේවා පත්වනවිට 10 වන ස්ථානය ලබාගෙන ඇත්තේ ඉදිකිරීම් ක්ෂේත්‍රයයි.