වික්ටෝරියා සංවර්ධනය නොකළ සහ හිස් ඉඩම්වලින් නව බද්දක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සංවර්ධනය නොකළ සහ හිස් ඉඩම්වලින් නව බද්දක් අය කිරීමට ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

2025 වසර වනවිට සමස්ත ප්‍රාන්තය පුරා මෙම නීතිය බලාත්මක කිරීමයි ප්‍රාන්ත රජයේ අපේක්ෂාව වන්නේ.

දැනට මෙල්බන් හි මාස 06 කට වඩා ප්‍රයෝජනයක් ගෙන නොමැති ඉඩම්වලින් පමණක් බද්දක් අය කරනු ලබනවා.

වටිනා දේපළ සංවර්ධනය කර පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව මෙම නව බද්ද හඳුන්වාදෙන බවයි වික්ටෝරියා ප්‍රාන්ත භාණ්ඩාගාරික ටිම් පලස් කියාසිටියේ.

මෙම යෝජනාවට සහය පළකරන බවයි වික්ටෝරියා ග්‍රීන්ස් පක්ෂ නායිකා සමන්තා රත්නම් ද සඳහන් කර ඇත්තේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »