මාස ගණනකට පසු ජනමත විචාරණ යෝජනාවට සහය දක්වන පිරිසෙහි ඉහළයාමක්

මාස ගණනකට පසු ස්වදේශික හඩ ජනමත විචාරණ යෝජනාවට සහය දක්වන පිරිසෙහි ඉහළයාමක් සටහන්වී තිබෙවා.

ගාඩියන් ඕස්ට්‍රේලියා සමීක්ෂණ දත්ත මගින් පෙන්වා දී ඇත්තේ සමීක්ෂණයට ලක් වූවන්ගෙන් සියයට 43 ක් ජනමත විචාරණ යෝජනාවට පක්ෂපාතී වන බවයි.

එය සියයට 02 ක ඉහළ යාමක් වනවා.

කෙසේවෙතත් ජනමත විචාරණ යෝජනාවට විරුද්ධ පිරිස තවදුරටත් ඉහළ අගයකයි පසුවන්නේ.

එහි සියයට 06 ක අඩුවීමක් පෙන්නුම් කෙරුණද සියයට 49 ක අගයක පසුවන බව සඳහන්.

සියයට 08 කට ආසන්න පිරිසක් තවමත් නිශ්චිත ස්ථාවරයක් ගෙන නොමැති බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සඳහන් කළේ ස්වදේශීය ආදි වාසි ජනයා වෙනුවෙන් සහන රැසක් ලබා දීම තම අරමුණ බවයි.

ජනමත විචාරණය ජයග්‍රහණය කිරීමෙන් පසු බෙදීම් ඉවත් කර සියලූ පාර්ශව එක්වනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

පැවති පාලන ක්‍රම තුළ ස්වදේශීය ආදි වාසි ජනයා හට හිමිවිය යුතු සහන රැසක් මගහැර ඇති බැවින් නව සංශෝධන යටතේ ලැබිය යුතු වරප්‍රසාද හිමිවන බවයි ජනමත විචාරණයට පක්ෂග්‍රාහීන් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »