
වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ප්‍රමුඛ පෙළේ ඉදිරිකිරීම් සමාගමක් බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙලෙස බංකොලොත්භාවයට පත්ව ඇත්තේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමි සමාගමක් වන චැතම් හෝම්ස් සමාගමයි.
ඔවුන් විසින් ඉදි කරමින් පැවති ව්‍යාපෘති 50 ක් පමණ මෙම තත්වය හමුවේ අවධානමට ලක්ව තිබෙනවා.

මෙල්බර්න් – ජිලොංග් සහ බලරට් යන ප්‍රදේශවල ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් ලෙසයි චැතම් හෝම්ස් නම් දරා තිබුණේ.
කොටස් හිමියන් 200 කට පමණ ඩොලර් මිලියන 02 ඉක්මවු ණය වාරික ඔවුන් විසින් ගෙවීමට ඉතිරිව පවතින බවයි වාර්තා වන්නේ.

කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු ඊයේ දිනයේදී සේවයෙන් ඉවත් කිරීමටද චැතැම් හෝම්ස් විසින් කටයුතු කර තිබුණා.
සැපයුම් සීමා කිරීම් සහ ගොඩනැගිලි ප්‍රමාදයන් ඇතුලූ ගැටලූ රැසකට චැතම් හෝම්ස් සමාගම පසුගිය කාලයේ දී මුහුණ දි තිබුණා.
2022 වසරේ පැවති ජාතික තිරසාර ගොඩනැගිලි සම්මාන උලෙල තුළ හොදම හරිත නිවස සම්මානයෙන්ද චැතම් හෝම්ස් සමාගම පිදුම් ලබා තිබීම විශේෂත්වයක්.
මේ වන විට ඔස්ටේ්‍රලියාවේ ඉදිකිරීම් සමාගම් 2000 කට අධික ප්‍රමාණයක් බංකොලොත්භාවයට පත්ව ඇති බව සඳහන්.