$ මිලියන 100 කට අධික superannuation හිමිකම් ලේඛනය තවත් ඉහළට

ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 100 කට අධික විශ්‍රාම වැටුපකට හිමිකම් කීමේ ලේඛනයට තවත් පුද්ගලයින් 11 දෙනෙකු එක්ව ඇති බව හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඩොලර් මිලියන 50 ට වැඩි විශ්‍රාම වැටුපක් හිමි ඕස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 135 දක්වා ඉහළ ගොස් ඇති බවයි බදු කාර්යාල වාර්තා පෙන්වා දී ඇත්තේ.

superannuation ගිණුම් සහිත ධනවත් ඕස්ට්‍රේලියානු විශ්‍රාමිකයින් සඳහා බදු සහන ලබා දීම දැඩි කිරීමට අදාල නව කෙටුම්පතක් ෆෙඩරල් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිමට ද නියමිතයි.

අයවැය යෝජනා යටතේ වාර්ෂිකව ඩොලර් මිලියන 03 ක superannuation ශේෂය ඉක්මවන පුද්ගලයින් සියයට 30 ක බද්දකට යටත් වනු ඇති.

2019 සහ 2020 කාල වකවානුව තුල ඩොලර් මිලියන 100 කට වැඩි විශ්‍රාම වැටුප් ශේෂයකට හිමිකම් ලැබු ඔස්ටේ්‍රලියානුවන් ගණන 17ක් වු අතර 2020 සහ 2021 කාලය තුළ එම පිරිස 28ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

මේ අතර 2019 සහ 2020 අතර කලය තුළ ඩොලර් මිලියන 50 ඉක්මවු superannuation ශේෂයකට හිමිකම් කි පිරිස 78ක් වු අතර 2020 සහ 2021අතර කාලය තුළ එම පිරිස 107 දක්වා ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් 2025 වසර වන විට ඩොලර් මිලියන 03 ඉක්මවු විශ්‍රාම වැටුපකට හිමිකම් කියන පිරිස 80,000 ක් දක්වා වර්ධනය වනු ඇති බවටයි භාණ්ඩාගාරය පුරෝකතනය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »