දැරිය හැකි මිල නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට $ බිලියන 4.4 ක ප්‍රතිලාභ

දැරිය හැකි මිල ගණන් යටතේ ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට ඩොලර් බිලියන 4.4 ක ප්‍රතිලාභ හිමිවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඒ අනුව ඉදිරි වසර 40 ඇතුලත දැරිය හැකි මිල ගණන් යටතේ නව නිවාස 40,000ක් පමණ ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

නව ව්‍යාපෘතිය යටතේ වඩාත් හොද සමාජ – ආර්ථික සහ පාරිසරික සහන රැසක් ජනතාවට අත්වනු ඇති.

කෙසේ වෙතත් ඩොලර් බිලියන 4.4 ඇස්තමේන්තු ගණනය සම්බන්ධව නිසි පැහැදීමක් නොමැති බවද ඇතැම් පාර්ශව චෝදනා නගනවා.

ධනවත් රටවල් ශ්‍රේණිගත කිරීම් අතර ඔස්ටේ්‍රලියාව ඉහළින් සිටිය ද නිවාස අර්බුධය දැඩි සමාජ ගැටලූවක් වී තිබෙනවා.

විශේෂයෙන් අඩු ආදායම් ලාභීන් සදහා නිවාස ගැටලූව දැඩි ජීවන අර්බුධයක් ලෙසයි සදහන්ව ඇත්තේ.

කෙසේ වෙතත් සුභසාධන සේවාවක් ලෙස දැරිය හැකි මිල ගණන් යටතේ කුලී නිවාස ලබා ගැනීමට හැකි වීම වාසි සහගත බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »