ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක

ඉදිරි පැය 24 තුළ වැටුප් වැඩි කිරීම් ඇතුලූ තම ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ක්වන්ටාස් ගුවන් නියමුවන් ප්‍රකාශ කර තිබෙනවා.

බටහිර ඔස්ටේ්‍රලියානු ගුවන් නියමුවන් 200 කට අධික පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ග සදහා එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වෘත්තීය ක්‍රියා මාර්ග ප්‍රකාශ කිරීමත් සමග හෙට දිනට නියමිත බටහිර ඔස්ටේ්‍රලියානු කලාපයේ ගුවන් ගමන් වාර 50 ක් මේ වන විටත් අවලංගු කර ඇති බව සදහන්.

මේ හේතුවෙන් විකල්ප සංචාරක ක්‍රම භාවිත කරන ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.

පාසැල් නිවාඩු කාලයත් සමග බොහෝ පිරිසක් ගුවන් ගමන් සැලසුම් කර ඇති අතර වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අවලංගුකර ඇති ගුවන් ගමන්වාර සදහා මේ වන විටත් මුදල් ගෙවා මගීන් හට එම මුදල් නැවත ගෙවීමට ද ක්වාන්ටාස් පාලනාධිකාරිය එකග වී තිබෙනවා.

අදාළ ගුවන් නියමුවන් පෙන්වා දෙන්නේ පැරණි සේවා ගිවිසුම අවලංගු වි වසර 03 ක් ඉකුත් වුව ද මෙතත් කිසිදු වැටුප් වැටුප් වැඩි වීමක් සිදු නොවු බවයි.

ක්වන්යටාස් බලධාරීන් තම ඉල්ලීම් වලට නිසි පිලිතුරු ලබා දෙන තෙක් බටහිර ඔස්ටේ්‍රලියානු ගුවන් නියමුවන් සේවයෙන් ඉවත්ව සිටින බව වැඩිදුරටත් දන්වා තිබෙනවා.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »