04 වන මාසයටත් පොළී අනුපාතික නොවෙනස්

පොළී අනුපාතික අගයන් නොවෙනස්ව පවත්වාගෙන යාමට අද රැස්වූ ෆෙඩරල් සංචිත බැංකු විධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව cash rate අගය සියයට 4.1 ක් ලෙස නොවෙනස්ව පවතිනු ඇති.

නව ප්‍රධානී මිෂෙල් බුලොක් ගේ ප්‍රධානත්වයෙන් සංචිත බැංකු විධායක මණ්ඩලය අද රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගනු ලැබුවේ.

මේ අනුව අඛණ්ඩව 04 වන වරටත් පොළී අනුපාතික අගයන් නොවෙනස් අගයක පවත්වාගෙන යාමටයි නියමිතව ඇත්තේ.

උද්ධමනය පිළිබඳ සමීපව සළකා බලා පොළී අනුපාතික අගයන් වෙනස් කිරීම පිළිබඳව ඉදිරි රැස්වීම්වලදී තීරය කරන බවයි නව සංචිත බැංකු ප්‍රධානී මිෂෙල් බුලොක් සඳහන් කලේ.

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »