වෘත්තීය පුහුණු අධ්‍යාපනයට $ මිලියන 37.8 ක අමතර ප්‍රතිපාදන

වෘත්තීය පුහුණු අධ්‍යාපනය සංවර්ධනය සදහා ඩොලර් මිලියන 37.8 ක අමතර ප්‍රතිපාදන වෙන් කිරීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

උපයාගන්නා සෑම ඩොලරයක් වෙනුවෙන් නිසි වටිනාකමක් ලබා දීම එම ව්‍යාපෘතියේ අරමුණ බවයි අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

මුදල් උපයා ගැනීම සදහා නිසි පුහුණුවකින් යුත් වෘත්තිකයින් බිහිකිරීම ගැන ද මෙහිදි අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී වෘත්තීය පුහුණු ලබා දෙන ආයතන වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සදහා ද නව සැලැස්මක් ආරම්’භ වනු ඇති.

වෘත්තීය පුහුණු අධයාපන පද්ධතියේ වු ගැටලූ හදුනාගනිමින් ඊට අදාළ නිසි පිළියම් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් එහිදි වැඩිදුරටත් සදහන් කළා.

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »