දම් – සුදු එපා / Yes23 ප්‍රචාරණ ව්‍යාපාරයට අවවාදයක්

ජනමත විචාරණයේ දී යෝජනාවට පක්ෂව කටයුතු කරන Yes23 ප්‍රචාරණ ව්‍යාපාරයට ජාතික මැතිවරණ කොමිසම විසින් අවවාදයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිසමේ නිල ලාංඡනයෙහි ඇතුළත් දම් සහ සුදු පැහැයන් ප්‍රචාරණ කටයුතුවලදී භාවිතයට ගැනීමෙන් වළකින ලෙසටයි ඔවුන්ට දන්වා ඇත්තේ.

ජනමත විචාරණයේ පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම සියලුම ප්‍රාන්තවල මේ වනවිට ක්‍රියාත්මකයි.

ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන අසල Yes23 ප්‍රචාරණ ව්‍යාපාරය විසින් තබා තිබූ පුවරු, මැතිවරණ කොමිසම විසින් තබන ලද ඒවා බවට ඡන්ද දායකයන් විසින් වරදවා වටහාගනු ලැබීම මීට හේතුවයි.

තම දැනුම්දීම මත ඡන්ද මධ්‍යස්ථාන අසළ සිට සැළකිය යුතු දුරකින් සිය ප්‍රචාරණ පුවරු ස්ථානගත කරන බවටයි Yes23 සංවිධානය විසින් සහතික වී ඇත්තේ.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »