
නැගෙනහිර වික්ටෝරියා හි ප්‍රදේශ කිහිපයක ලැව් ගිනි තත්වය අවධානම් මට්ටමකට පත්වී තිබෙනවා.
තදාසන්න ප්‍රදේශ රැසක ජනතාවට හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසයි ආපදා අංශ විසින් දන්වා ඇත්තේ.
එම ප්‍රදේශවල පැයට කිලෝමීටර් 100 කට ආසන්න වේගයකින් සුළං හමා යමින් පැවතිම හමුවේ ලැව් ගිනි සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බව සඳහන්.

අද පෙරවරුව වනවිට හෙක්ටයාර 17,000 කට ආසන්න භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබුණා.
දැනට වික්ටෝරියා හි ස්ථාන 80 ක පමණ ලැව් ගිනි පවතින බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කලේ.
