Search

මත්ද්‍රව්‍ය ගැන මෙරට තරුණ ප්‍රජාව තුළ කිසිදු දැනුවත්කමක් නැතැයි හෙළිවෙයි

තමන් භාවිත කරන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙරට තරුණ ප්‍රජාව තුළ කිසිදු දැනුවත්කමක් නොමැති බව සමීක්ෂණයකදී හඳුනාගෙන තිබෙනවා.

නිසි අවධානයකින් තොරව මත්ද්‍රව්‍ය භාවිතයට තරුණ ප්‍රජාව ඇබ්බැහි වි ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමන් තුළ නිසි දැනුමක් පවතින්නේ යැයි යන උපකල්පනය මත තරුණ ප්‍රජාව අධි මාත්‍රාවලින් මත්ද්‍රව්‍ය වෙත යොමුව ඇති බව මෙහිදී හෙළිකරගෙන තිබෙනවා.

කෙසේවෙතත් තරුණ ප්‍රජාව අතර මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව සම්බන්ධව නිසි දැනුවත් කිරීමක් කල යුතු බවයි මෙහිදී අවධාරණය කර ඇත්තේ.

මේ සදහා පොලීසිය ඇතුලූ විවිධ පාර්ශවවල සහය ලබා ගනිමින් තරුණ ප්‍රජාව අතර නිසි තොරතුරු සමාජ ගත කල යුතු බව ද සඳහන්.