පවතින ජීවන වියදමත් සමග ඔස්ට්‍රේලියානුවන්ගේ මූල්‍ය පීඩනය තවදුරටත් ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් අවධාරණය වී තිබෙනවා.
බැංකු පොලී අනුපාතික ඉහළ යෑමත් සමග තවදුරටත් ඔස්ට්‍රේලියානුවන් මූල්‍ය අර්බුධයට ගොදුරු වී ඇති බවයි පැවසෙන්නේ.
බැංකු වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ බිල්පත් ගෙවීම සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයට ඔස්ට්‍රේලියානුවන් මේ වනවිට වැඩි නැඹුරුවක් දක්වන බවයි.
ක්‍රෙඩිට් කාඩ්පත් හරහා අමතර ණය ලබා ගැනීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති බව ද වැඩිදුරටත් සදහන්.
මේ හේතුවෙන් ණය උපකාරක මධ්‍යස්ථාන වෙත ලැබෙන ඇමතුම් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
උද්ධමන වේගයත් සමග නිවාස ඒකකවල ජීවන වියදමද ඉහළ ගොස් ඇති බව සඳහන්.