Search

මත්ද්‍රව්‍ය සමුලූව කඩිනමින් පවත්වන්නැයි NSW බලධාරීන්ට බලපෑම්

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ සමුලූව කඩිනමින් පවත්වන්නැයි විවිධ පාර්ශව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන්ට බලපෑම් කර තිබෙනවා.

සිඩ්නි නුවර පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කල 20 හැවිරිදි වියෙහි පසුවූ තරුණයන් දෙදෙනෙකු මියයෑමත් සමගයි මේ පිළිබඳ දැඩි කතා බහක් මතුවී ඇත්තේ.

මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් අනතුරුව ආසාත්මිකතා ඇති වු පුද්ගලයින් 09 දෙනෙකු ද වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇති බවයි මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මත්ද්‍රව්‍ය සමුලූවක් පැවැත්වීමට සැළසුම් කර ඇතත් ඒ සම්බන්ධ ස්ථිර දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

මෙම සමුලූව යටතේ ඖෂධ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට ද නියමිතයි.

ඒ අනුව කඩිනමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වාරන කිරීමට පියවර ගන්නා ලෙසයි විවිධ පාර්ශව ප්‍රාන්ත රජයෙන් ඉල්ලා ඇත්තේ.

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »