Search

QLD ලිංගික අපරාධ චූදිත අනන්‍යතා ප්‍රසිද්ධ කිරීමේ නව නීති අද සිට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලිංගික අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයින්ගේ අනන්‍යතාව ප්‍රසිද්ධ කිරීමට අදාල නීති අද සිට බලාත්මක වනවා.

ඒ අනුව මෙතෙක් පැවති නීති සංශෝධනය කරමින් අදාළ සැකකරුවන් ලිංගික අපරාධ නඩු විභාගයට පෙනී සිටීමට පෙර සිටම ඔවුන්ගේ අනන්‍යතාව ප්‍රසිද්ධ කෙරෙනු ඇති.

ලිංගික හිංසන සම්බන්ධයෙන් පැවති අපරාධ නීතිය යටතේ චූදිතයිනගේ අනන්‍යතාව ප්‍රකාශ කිරීමට මාධ්‍යයට අවස්ථාව හිමිවුයේ නැහැ.

නව සංශෝධනය යටතේ ස්ත්‍රී දූෂණ – දූෂණය කිරීමට තැත් කිරීම – දූෂණය කිරීමේ චේතනාවෙන් පහරදීම සහ ලිංගික අතවර කිරීම් යන සෑම චෝදනාවකට අදාළ චූදිතයින්ගේ අනන්‍යතාව ප්‍රසිද්ධ කිරීමට අවස්ථාව හිමිවනවා.

විශේෂ අධිකරණ නියෝගයක් මත පමණක් අනන්‍යතාව ප්‍රසිද්ධ කිරීම වාරණය කල හැකි වනවා.

කිසියම් චූදිතයෙකුගේ අනන්‍යතාවය හෙළි නොකරන ලෙස අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කළහොත් එය අනුගමනය කිරීමටද මාධ්‍ය ආයතනවලට සිදුවනවා.

මේ අනුව Northern Territory හැර අනෙකුත් ප්‍රාන්තවල ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සම්බන්ධ චූදිතයන්ගේ අනන්‍යතාවය හෙළිකල හැකි අයුරින් බලාත්මක නීති සහ ක්වීන්ස්ලන්ඩ් හි නීති සමපාත වනු ඇති.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »