ටස්මේනියා මැතිවරණය නියමිත කාලයට පෙර පැවැත්වෙන ළකුණු

ටස්මේනියා ප්‍රාන්ත මැතිවරණය නියමිත කාලයට පෙර පැවැත්වෙන ළකුණු පළවී තිබෙනවා.

ඒ පාලක පක්ෂ මන්ත්‍රීනී එලිස් ආර්චර් නීතිපති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීමත් සමගයි.

මේ අනුව පාලක ලිබරල් සන්ධාන රජයට බහුතරය අහිමිවීමේ අවධානමක් නිර්මාණය වී ඇති බැවිනුයි රජය විසුරුවා හැර හදිසි මැතිවරණයකට යොමුවිමට ටස්මේනියා අගමැති ජෙරමි රොක්ලිෆ් අවධානය යොමු කර ඇත්තේ.

සභිකයන් 25 දෙනෙකු සිටින ටස්මේනියා පාර්ලිමේන්තුවේ දැනටමත් රජයට සහය පළකරන මන්ත්‍රීවරුන් සිටිනුයේ 10 දෙනෙකු පමණයි.

ලිබරල් සන්ධාන පාලනයක් පවතින දැනට ඇති එකම ප්‍රාන්ත පාර්ලිමේන්තුව වන්නේද ටස්මේනියාව පමණයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »