වසර ගණනක් පුරා අඩුවෙන් වැටුප් ගෙවා ඇති බවට ක්වන්ටාස් ට චෝදනා

වසර ගණනක් පුරා සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇති බවට ඔස්ට්‍රේලියානු සේවා සංගමය විසින් ක්වන්ටාස් ගුවන් සේවයට චෝදනා කරනවා.

තමන් ඉහළ වැටුප් තල සඳහා සුදුසුකම් ලබා තිබුණද ගෙවනු ලැබුවේ පහළ තලවලට අදාළ වැටුප් බවටයි සේවකයන් රැසක් විසින් පැමිණිලි කර ඇත්තේ.

සිය කැමැත්තකින් තොරව අඩු වැටුප් සඳහා සේවය කරන්නැයි බලපෑම් කරන බවටද ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවයට ප්‍රබල චෝදනාවක් එල්ලවනවා.

කොවිඩ් සමයේදී සේවකයන් 1,700 ක් සේවයෙන් ඉවත් කිරීමට ක්වන්ටාස් ගුවන් සේවය විසින් පියවර ගැනීම නීති විරෝධී බවටද මහාධිකරණය පසුගියදා තීරණය කරනු ලැබුවා.

කටාර් ගුවන් සේවය සම්බන්ධ අර්බුයකටද ක්වන්ටාස් ගුවන් සේවය මේ වනවිට මැදිහත් වී සිටිනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »