Search

ලේබර් සාමාජිකයන් ඉලක්ක කල ව්‍යාජ ප්‍රචාරණයක් – අගමැතිගෙන් චෝදනා

ස්වදේශික හඩ ජනමත විචාරණයට අදාළව ලේබර් පක්ෂ සාමාජිකයන් ඉලක්ක කරගත් ව්‍යාජ තොරතුරු ප්‍රචාරණයක් ක්‍රියාත්මක බවට අගමැති ඇන්තනී ඇල්බනීස් චෝදනා කරනවා.

ලබන 14 වනදා පැවැත්වෙන ජනමත විචාරණයේදී තමන් ඡන්දය භාවිත කරනුයේ කුමන පාර්ශවයටද යන්න මෙතෙක් සැළකිය යුතු පිරිසක් විසින් තීරණය කරනු ලැබ නොමැති බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

NO කඳවුර වෙත යොමු කරවීමට ඔවුන්ගේ මනස වෙනස් කිරීම සඳහා සැළසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවටයි ඇන්තනී ඇල්බනීස් චෝදනා කරන්නේ.

පාලක ලේබර් පක්ෂ සාමාජිකයන් අතුරින් ජනමත විචාරණයට පක්ෂ (YES) ප්‍රතිශතය සියයට 40 ක් දක්වා අඩු වී ඇති බව මෑතකදී සිදුකල සමී්ෂණයකදී අනාවරණය වුණා.

එහි වැඩිදුරටත් සඳහන් වූයේ සමස්තයක් ලෙස යෝජනාවට පක්ෂ (YES) පිරිස සියයට 36 ක් දක්වා අඩුවී ඇති අතර යෝජනාවට විරුද්ධ (NO) පිරිස සියයට 56 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »