Search

බර වාහන සඳහා මාර්ග ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට විරෝධය

බර වාහන සඳහා මාර්ග ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් ට්‍රක් රියදුරන් විරෝධය පළකරනවා.

දැනට සියයට 27.2 ක් ලෙස පවතින එම ගාස්තුව 2025 වසරේ සිට සියයට 32.4 දක්වා ඉහළ දැමීමටයි යෝජනා වී ඇත්තේ.

මේ හරහා තමන්ට මාර්ග ගාස්තු ලෙස සතියකට ඩොලර් 1,000 ක පමණ මුදලක් ගෙවීමට සිදුවන බවටයි ට්‍රක් රියදුරන් චෝදනා කර සිටින්නේ.

වාහන කිහිපයක් ඇති ට්‍රක් සමාගම්වලට සතියකට ඩීසල් ලීටර් 70,000 ක පමණ ඉන්ධන ප්‍රමාණයක් වැය කිරීමට සිදුවන බැවින් සතියකට ඩොලර් ලක්ෂයක පමණ පිරිවැයක් දැරීමට සිදුවන බවද ඔවුන් පෙන්වා දෙනවා.

මෙවර තමන්ට කිසිදු සහනයක් ලැබී නොමැති බවටයි ට්‍රක් රියදුරන් චෝදනා කරන්නේ.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »