Search

NSW තියුණු ආයුධ නීති දැඩි කෙරේ

පිහි වැනි තියුණු ආයුධ සම්බන්ධ නීති දැඩි කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇතැම් වැරද සඳහා දැනට පවතින දඩුවම දෙගුණ කිරීමට අදාළ නීති සංශෝධන ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ප්‍රසිද්ධ ස්ථානයක හෝ පාසලක තියුණු ආයුධයක් තබාගෙන සිටීම අපරාධ පණත යටතට ගැනෙන වරදක් බවට පත්කිරීමද මේ යටතේ සිදුවනවා.

ඒ අනුව දැනට වසර 02 ක් ලෙස පවතින සිර දඩුවම් කාලය වසර 04 දක්වා ඉහළ දැමෙනු ඇති.

එම වරදට දැනට පවතන සාමාන්‍ය පිහියක් සඳහා වන ඩොලර් 2,200 ක දඩය ඩොලර් 4,400 දක්වා වැඩි කිරීමටත් – වැඩි දියුණු කරන ලද පිහියක් සඳහා වන දඩය ඩොලර් 11,000 දක්වා ඉහළ දැමීමත් ඒ යටතේ යෝජනා කර තිබෙනවා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »