සැප්තැම්බර් මාසයේදීත් මෙරට නිවාස හා දේපළ මිළ ගණන් වාර්තාගත අයුරින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව සමස්තයක් ලෙස මාසයක් තුළ දේපළ මිළෙහි ඉහළයාම සියයට 0.35 ක් ලෙසයි සටහන් වන්නේ.
පශ්චාත් කොවිඩ් සමය තුළ මාසයකදී සටහන් වූ දේපළ මිළ ඉහළයාමෙහි වාර්තාගත අගයක් ලෙසයි එය දැක්වෙන්නේ.
ඩාර්වින් හැරුණුකොට අනෙකුත් සෑම ප්‍රාන්ත ප්‍රධාන නගරයකම දේපළ වටිනාකම සියයට 0.41 කින් ඉහළගොස් තිබීමද විශේෂත්වයක්.
දැනට මෙරට දේපළ වෙළඳපොළහි මිළදී ගැනීමට හැකියාව පවතින දේපළ ප්‍රමාණය සියයට 13 ක් පමණක් බවයි පසුගියදා නිකුත් වූ වාර්තාවක දැක්වුණේ.