child care ගාස්තු පහළ දැමීම සඳහා නව සංශෝධන රැසක් හඳුන්වාදීමට ලේබර් පක්ෂ රජය සූදානම් වනවා.
ඔස්ට්‍රේලියානු පවුල්වල ආදායමෙන් සියයට 16 ක් පමණ වැය වනුයේ child care ගාස්තු සඳහා බවට නවතම වාර්තාවක් නිකුත්වීමත් සමගයි රජය මෙම පියවර ගෙන ඇත්තේ.
අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් සඳහන් කලේ මූලික පියවරක් ලෙස පසුගිය ජූලි මාසයේ සිට ගාස්තු සියයට 14 කින් අඩු කිරීමට පියවර ගැණුනු බවයි.
කෙසේවෙතත් එම පියවර සාර්ථක වී නොමැති බවයි ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වන්නේ.
රටවල් 32 ක් අතුරින් child care ගාස්තු දැරීම සළකා බැලීමේදී ඔස්ට්‍රේලියාව පසුවන්නේ 26 වන ස්ථානයේ බවටයි එහි දක්වා ඇත්තේ.
child care මධස්ථාන විසින් පැයකට අය කරන ගාස්තු සඳහා උපරිම සීමාවක් පැණවිය යුතු බවටයි එමගින් යෝජනා කෙරෙන්නේ.
මෙහි අවසන් නිර්දේශ ලබන දෙසැම්බර් 31 වනදා වනවිට ෆෙඩරල් භාණ්ඩාගාරික වෙත භාරදීමට නියමිත අතර ලබන වසරේ ජූනි මාසය වනවිට සියලු නිර්දේශ බලාත්මක කෙරෙනු ඇති බවද සඳහන්.