
අධික උණුසුම් කාළගුණයත් සමග නිවු සවුත් වේල්ස් හි ප්‍රදේශ රැසකට Total fire ban පණවා තිබෙනවා.
අද (01) දිනයේ බටහිර සිඩ්නි කලාපයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 දක්වා ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
මෙම තත්වය සිඩ්නි නුවර පැවැත්වෙන කාන්තා සහ පිරිමි NRL අවසාන මහා තරග සඳහාද බලපෑම් එල්ල කරනු ඇති බවටත් අනතුරු ඇගවෙනවා.

ඒ අනුව NRL අවසාන මහා තරග දිනයකදී සිඩ්නි නුවරින් සටහන් වන ඉහළම උෂ්ණත්වය බවටද අද දිනයේදී වාර්තා තබනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
මෙතෙක් එම වාර්තාව පැවතියේ 2014 වසරේ NRL අවසාන මහා තරග දිනයේදී සටහන්වූ සෙල්සියස් අංශක 34.7 ක උෂ්ණත්වයයි.

වසර 12 කට පසු දකුණු ඔස්ට්‍රේලියාවේ සැප්තැම්බර් මාසයේ දිනයක උපරිම උෂ්ණත්වය ඊයේ සටහන් වූයේ අංශක 31.5 ක් ලෙසයි.