Search

ඔස්ට්‍රේලියානුවන් මිලියන 05 කට අද සිට සෞඛ්‍ය රක්ෂණ වාරික ඉහළට

ඔස්ට්‍රේලියානුවන් මිලියන 05 කට පමණ බලපැවැත්වෙන පරිදි අද සිට සෞඛ්‍ය රක්ෂණ වාරික ඉහළ දැමීමට රක්ෂණ සමාගම් 05 ක් පියවර ගෙන තිබෙනවා.

සියයට 2.9 කින් වාරික ඉහළ දැමීමට නියමිත අතර මේ අනුව වසරකට ඩොලර් 170 කින් පමණ සමස්ත වාරික මුදල් ඉහළ යනු ඇති.

Bupa, NIB, GMHBA, Qantas සහ Frank යන සමාගම් විසිනුයි මෙලෙස රක්ෂණ වාරික වැඩි කිරීමට තීරණය කර ඇත්තේ.

මෙම ඇතැම් සෞඛ්‍ය රක්ෂණ සමාගම් විසින් මීට මාස 06 කට පමණ ඉහතදී මෙම වාරික වැඩි කිරීමට නියමිතව තිබුණද රක්ෂණ හිමියන්ට ලබාදෙන සහනයක් ලෙස එය ප්‍රමාද කෙරුණා.

මේ අතර ආර්ථික විශ්ලේෂකයන් ජනතාවට උපදෙස් දෙන්නේ තමන්ට වඩාත් සුදුසුම සෞඛ්‍ය රක්ෂණාවරණය වෙත යොමුවන ලෙසයි.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »