අද සිට ඔස්ට්‍රේලියා Student වීසා රෙගුලාසිවල වෙනසක්

ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේදී වසරක් සඳහා පෙන්විය යුතු තැන්පත් මුදල (show money) අද සිට ඩොලර් 24,505 දක්වා ඉහළ දමා තිබෙනවා.

එය දැනට පවතින මුදලට වඩා සියයට 17 ක ඉහළයාමක්.

එය මෙතෙක් පැවතුණේ ඩොලර් 17,000 ක් ලෙසයි.

පවතින ජීවන වියදම් දර්ශක සළකා බලා මෙම අගය පැණවෙන අතර අවසන් වරට මෙම මුදල සංශෝධනය කර ඇත්තේ 2019 වසරේදීයි.

මේ අතර ව්‍යාජ අධ්‍යාපන ආයතන සහ සංක්‍රමණ නීති උපදේශකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමටද ෆෙඩරල් රජය සූදානම් වනවා.

වීසා අයදුම්පත් ප්‍රතික්ෂේපවීම සියයට 50 කට වඩා වැඩි ආයතන කෙරෙහි එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

ඉදිරියේදී ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නීති තවත් පුලුල් වෙනස්කම් රැසකට ලක් කරන බව ෆෙඩරල් රජය මේ වනවිටත් ප්‍රකාශයට පත් කර අවසන්.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »