Search

ක්වීන්ස්ලන්ඩ් ඉදිකිරීම් නව රෙගුලාසි අද සිට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නව නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා වන නව රෙගුලාසි මාලාව අද සිට බලාත්මකවීමට නියමිතයි.

ඒ අනුව අදාල ඉදිකිරීම් වෙත ප්‍රවේශ වීමේදී ආබාධිත ජනතාවට ඇති පහසුකම් මෙන්ම බලශක්ති පිරිවැය ආරක්ෂා කිරීම ඇතුලූ නිර්ණායක රැසකින් එම රෙගුලාසි මාලාව සමන්විත වනවා.

දැනට අවසර දෙනු ලබන්නේ තරු ශ්‍රේණ්ත කිරීම්වල 6/10 ක් ලෙස වන නමුත් ලබන වසරේ මැයි මස සිට බලශක්ති තරු පන්ති ශ්‍රේණිගත කිරීම් 10 න් 7 ක් ලබාගැනීම අනිවාර්යයි.

වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා සහ නිවු සවුත් වේල්ස් ඇතුළු අනෙකුත් ප්‍රාන්තවල නව ගොඩනැගිලි සඳහා ද ලබන වසරේ සිට මේ හා සමගාමීව නව රෙගුලාසි ලබන වසරේ සිට හඳුන්වාදීමට නියමිතයි.

කෙසේවෙතත් ඉදිකිරීම් කර්මාන්තයේ නිරතවන්නන් පෙන්වා දෙන්නේ මෙම රෙගුලාසි හරහා නව ඉදිකිරීම් සඳහා වන පිරිවැය ඉහළ අගයක් ගනු ඇති බවයි.

ඒ හරහා දැනට කඩාවැටී ඇති ඉදිකිරීම් ක්ෂේත්‍රයට අනවශ්‍ය බලපෑමක් එල්ල වන බවත් ඔවුන් සඳහන් කර සිටිනවා.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »