Search

කොමන්වෙල්ත් බැංකු සේවා ගාස්තු අද සිට ඉහළට

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 04 න් එකක් වන කොමන්වෙල්ත් බැංකුව විසින් අද සිට බලපැවැත්වෙන පරිදි ගාස්තු කිහිපයක් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ව්‍යාපාර ගණුදෙනු ගිණුම් හිමියන් සඳහා කවුන්ටර් සේවාවලදී මෙතෙක් අයකල ඩොලර් 03 ක ගාස්තුව අද සිට ඩොලර් 05 ක් දක්වා ඉහළ දැමෙනු ඇති.

චෙක් තැන්පත් ගාස්තුවද ඩොලර් 03 සිට 05 දක්වා වැඩි කිරීමට නියමිතයි.

ක්ෂණික මුදල් මලු සේවාව සඳහා මෙතෙක් අයකල ඩොලර් 03 ක ගාස්තුව ඩොලර් 10 දක්වා ඉහළ දමා තිබීම විශේෂත්වයක්.

ඔන්ලයින් සේවා ප්‍රවර්ධනය මෙහි ප්‍රධාන අරමුණ බවයි කොමන්වෙල්ත් බැංකුව නිවේදනය කර සිටින්නේ.

කෙසේවෙතත් ගතවූ මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 10 ක දැවැන්ත ලාභයක් ලබා ඇති වාතාවරණයකදී මෙලෙස ගණුදෙනුකරුවන්ගෙන් ඉහළ ගාස්තුවක් අය කිරීම සම්බන්ධයෙන් කොමන්වෙල්ත් බැංකුවට චෝදනාවක්ද එල්ලවනවා.

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »