ලබන වසර ආරම්භය තෙක් ඔස්ට්‍රේලියාව තුළ ඉන්ධන මිළ ගණන්වල අඩුවීමක් අපේක්ෂා කල නොහැකි බවට ආර්ථික විද්වතුන් අනාවැකි පළකරනවා.
ඒ අනුව ප්‍රදේශ රැසක පෙට්‍රල් ලීටරයක මිළ තවදුරටත් ඩොලර් 02 ඉක්මවා පවතිනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිළ මේ වනවිට ඩොලර් 100 ඉක්මවා ගොස් තිබීම මීට මූලික හේතුවයි.
මාස 04 ක් තුළ ඔස්ට්‍රේලියාව තුළ ඉන්ධන මිළ සියයට 09 කින් ඉහළ ගොස් ඇති බවයි දත්ත වාර්තාවල සඳහන් වන්නේ.
උද්ධමනය සියයට 5.2 දක්වා ඉහළාමටද එය බලපා ඇති නමුත් ලබන අගහරුවාදා ට යෙදී ඇති පොළී අනුපාතික තීරණයේදී cash rate අගය ඉහළ යාමක් සිදුනොවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.