පර්ත් පොදු ප්‍රවාහන සේවා ගෙවීම් තවත් සති කිහිපයකින් අලුත් මුහුණුවරකින්

පර්ත් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නන්ට ජංගම දුරකථන හරහා ගාස්තු ගෙවීමේ අවස්ථාව තවත් සති කිහිපයකින් උදාවනවා.

මාස 02 ක නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙන අතර එම කාලසීමාවේදී දැනට භාවිත කෙරෙන ප්‍රවේශපත්‍ර යන්ත්‍රද එලෙසින්ම ක්‍රියාත්මක කෙරෙනු ඇති

අනතුරුව ඉදිරි මාස 08 තුළදී නව යන්ත්‍ර 4,500 ක් සමස්ත ප්‍රාන්තය පුරා ස්ථාපිත කිරීමටයි විධිවිධාන යොදා ඇත්තේ.

ජංගම දුරකථනය හරහා වුවද ගෙවීම් සිදුකල හැකි වීම මෙහි ඇති වාසි සහගත තත්වයයි.

මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 58 ක් බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය කියාසිටියා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »