බිත්තර ඉල්ලූම සපුරාලීම සදහා බිත්තර නිශ්පාදනය ඉහළ නැංවීමට අදාළ සහන ලබා දෙන්නැයි බිත්තර නිෂ්පාදකයන් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
කුරුළු උණ – ගංවතුර සහ ලැව්ගිනි හේතුවෙන් බිත්තර කර්මාන්තය දැඩි අභියෝගයකට මුහුණ දී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඔස්ට්‍රේලියාව තුළ දිනකට බිත්තර මිලියන 18 ක් පරිභෝජනය කෙරෙන කර අතර පසුගිය මූල්‍ය වර්ෂයේදී පමණක් බිත්තර බිලියන 6.6 ක් පරිභෝජනය කර තිබුණා.
බටහිර ඔස්ටේ්‍රලියාවේ බිත්තර අවශ්‍යතාවයෙන් 1/4 ක් පමණ ගෙන්වනු ලබන්නේ නැගෙනහිර ප්‍රාන්තවලිනුයි.
එහෙත් නැගෙනහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල බිත්තර නිශ්පාදනය පහත වැටීම සමස්ථ රට තුල බිත්තර සැපයුම් දාමයට බලපෑම් කරන බවයි නිෂ්පාදකයන් පෙන්වා දෙන්නේ.
විවිධ රෝග හේතුවෙන් නැගෙනහිර ඔස්ටේ්‍රලියාවේ බිත්තර නිශ්පාදනයට අදාළ සත්වයන් ලක්ෂ 05 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ඉන් ඉවත් කර තිබෙනවා.
මේ හේතුවෙන් වර්තමානය වන විට බිත්තර මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර බිත්තර 12 ක මිල ඩොලර් 04 සිට ඩොලර් 08 දක්වා දෙගුණයකින් වැඩි වී ඇති බවයි වෙළඳපොළ වාර්තා සඳහන් කරන්නේ.