ඔස්ට්‍රේලියාවේ පැණි කොමඩු මිළ ඉහළට – බෙරි වර්ගවල මිළ පහළට

ග්‍රීෂ්ම සෘතුවේදී ඔස්ට්‍රේලියානුවන් අතර අතිශය ජනප්‍රිය පළතුරක් වන පැණි කොමඩු මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

Coles හි අලෙවි කෙරෙන කොමඩු කිලෝවක මිල ඩොලර් 4.5 ක් වන අතර Woolworths හි කොමඩු කිලෝවක මිල ඩොලර් 3.90 ක්.

ඒ අනුව කිලෝ 08 ක පමණ බරකින් යුත් සම්පූර්ණ කොමඩු ගෙඩියක මිල ඩොලර් 31 ත් 36 ත් අතර අගයකට අලෙවි වන අතර ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මිල ගණන් වෙනස් විය හැකි බවද සඳහන්.

පාරිභෝගිකයින් චෝදනා නගන්නේ ග්‍රීස්ම සෘතුවේ ජනතාව අතර වඩාත් ජනප්‍රිය පළතුරක් වන කොමඩු ගොඩියක මිල මෙලෙස ඉහළ දැමීම දැරිය නොහැකි බවයි.

මෙලන් ඔස්ට්‍රේලියාහි විධායක නිලධාරී ජොනතන් ඩේවි සඳහන් කළේ පැණි කොමඩු සැපයීමේ අඩුවක් පැවතීම මීට හේතුව බවයි.

කෙසේ වෙතත් ඉදිරි සති කිහිපය තුළ මිල ගණන්වල පහළයාමක් අපේක්ෂා කෙරෙන බවයි ඔහු කියාසිටියේ.

මේ අතර ස්ට්‍රෝබෙරි සහ බ්ලුබෙරි වැනි බෙරි වර්ග රැසක මිල ගණන් ඩොලර් 02 ත් 03 ත් අතර අගයකට අඩුවී ඇති බවයි සුපිරි වෙළඳ සැල් පාලනාධිකාරින් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »