ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මියගිය පුද්ගලයන්ගේ උරුමය දරුවන්ට පැවරීම සම්බන්ධ නීති සංශෝධනය කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව වටිනාකම ඩොලර් දෙලක්ෂ පනස්දහසකට අඩු පැවරීමකින් තොර වත්කම් සදහා ඉල්ලූම් කිරීමේ අයිතිය දරුවන්ට හිමිවන්නේ නැහැ.
මියගිය පුද්ගලයාගේ දේපල තම දරුවන් – යැපෙන්නන් සහ කලත්‍රයන් හට පවරාගැනීම සදහා ඉල්ලූම් කිරීමේ හැකියාව මෙතෙක් පැවති අතර නව නීති යටතේ එම රෙගුලාසි දැඩි කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත නිතීපතිවරයා සදහන් කළේ වටිනාකම ඩොලර් 250,000 ට අඩු වත්කම් සදහා පවුලේ සාමාජිකයින් හට ඉල්ලූම් කිරීමට කිසිසේත් හැකියාවක් නොමැති බවයි.
කෙසේ වෙතත් ආබාධිත, වයස අවුරුදු 18 ට අඩු සහ මියගිය පුද්ගලයාගෙන් යැපෙන වයස අවුරුදු 25 ට අඩු තැනැත්තන් සඳහා එම නව නීති බලාත්මක වන්නේ නැහැ.
මේ අතර අවසන් කැමැති පත්‍ර සංශෝධනයේදි සහ සහකරු හෝ සහකාරිය වෙනස් කිරීමේ සංශෝධන ගාස්තු වැඩි කිරීමටද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් තීරණය කර තිබෙනවා.
උරුම පවරා ගැනීමේ ක්‍රියාදාමය සඳහා වන වියදම් පාලනය කිරීමේ අරමුණින් මෙම නීති ප්‍රතිසංස්කරණය කල බවයි ක්වීන්ස්ලන්ඩ් බලධාරීන් පෙන්වා දෙන්නේ.
මියගිය පුද්ගලයකුගේ දේපල කැමැත්තකින් තොරව තවත් කෙනෙකුට පවරා දීමට ඉඩ නොදිය යුතු බවයි ප්‍රාන්ත රජය අවධාරණය කර ඇත්තේ.