ඕස්ට්‍රේලියාවෙන් පිදුරු ආනයනය සඳහා පනවා තිබු සම්බාධක ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.
දෙරට අතර වෙළඳ සහයෝගීතාව යළිත් ශක්තිමත් වීමේ ලක්ෂණයක් ලෙසයි විචාරකයන් එය පෙන්වා දී ඇත්තේ.
2020 වසරේ දී චීනයට පිදුරු අපනයනයෙන් ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියන 160 ක ආදායමක් උපයා තිබුණද අනතුරුව දෙරට අතර භාණ්ඩ ආනයනය අපනයන සම්බාධක හේතුවෙන් පසුගිය වසරේදී එය ඩොලර් මිලියන 78 ක් දක්වා පහළගොස් තිබුණා.
වෙළද අමාත්‍ය ඩොන් ෆැරල් සඳහන් කළේ අදාළ සම්බාධක ඉවත් කිරීම රටේ ආර්ථිකයේ ධනාත්මක ඉදිරි පියවරක් බවයි.
ගව මස් – වයින් සහ පොකිරිස්සන් ඇතුළු තවත් ඕස්ට්‍රේලියානු නිෂ්පාදන සඳහා චීනය විසින් පනවා ඇති සීමා ඉවත් කරගැනීමට අදාළ සාකච්ඡා ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.
මේ අතර ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් පිරිසක් පසුගිය දා තායිවාන සංචාරයකට එක්වීම පිළිබඳ කැන්බරා නුවර සිටින චීන තානාපතිවරයා අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.
චීන සමුහාණ්ඩුවෙන් බෙදී ගිය රාජ්‍යක් වන තායිවානය සමග ඕස්ට්‍රේලියාව සබදතා පැවැත්වීම චීන – ඕස්ට්‍රේලියා මිත්‍රත්වය සදහා සෘණාත්මක බලපෑමක් ඇති කරන බවයි විචාරකයින් පවසන්නේ.
හිටපු අගමැති ස්කොට් මොරිසන් ද ලබන මාසයේදී තායිවාන නිල සංචාරයක් සඳහා එක්වීමට නියමිතයි.