ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කල Renault මෝටර් රථ 1,872 ක් ආපසු කැඳවයි

ඔස්ට්‍රේලියාව තුළ දී අලෙවි කරන ලද රෙනෝල්ට් වර්ගයේ මෝටර් රථ 1,872 ක් පමණ අභ්‍යන්තර දෝෂ හේතුවෙන් ආපසු කැඳවා තිබෙනවා.

මෙලෙස කැදවා ඇත්තේ 2022 සහ 2023 වසර අතර අලෙවි කරන ලද කොලියොස් මාදිලියේ මෝටර් රථයි.

ධාවනය අතර තුර අදාළ මෝටර් රථවල බොනට්ටුවේ කොටස් ගැලවී යෑම ප්‍රධාන දෝෂයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

පාලනයකින් තොරව ආවරණ ගැලවී යෑමෙන් බරපතල අනතුරු පමණක් නොව ජීවත හානි ද සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ.

මෙහිදී පදිකයින්ටද ඉහළ බලපෑමක් පවතින අතර දෝෂ සහිත වාහන හදුනා ගැනීම සදහා අදාළ වාහන අංක සහිත ලැයිස්තුවක් ද අන්තර්ජාලය වෙත යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ මෝටර් රථ හිමිකරුවන් සදහා නොමිලේ වාහන පරික්ෂාවක් මෙන්ම අලූත්වැඩියා කටයුතු සදහා රෙනෝල්ට් අලෙවි නියෝජිතයින් හා සම්බන්ධ වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ අතර අදාළ මෝටර් රථ මිලදී ගත් පාරිභෝගිකයින් හට 1800 009 008 දුරකතන අංකය හෝ රෙනෝල්ට් ඔස්ට්‍රේලියා වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධවීමේ හැකියාව පවතිනවා.

පිහි ඇනුමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් අගමැති ඇතුලු දහස් ගණනක් එක්වෙයි

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් විපතට පත් වූවන්ට ගෞරව දක්වා ඉටිපන්දම් දැල්වීමට බොන්ඩායි බීච් වෙත දහස් ගණන් ජනතාව ඊයේ පස්වරුවේ රැස්ව සිටියා.

Read More »

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »