ප්‍රාන්ත 05 ක වේලාව හෙට අලුයම 02 සිට පැයකින් ඉදිරියට

Daylight saving ක්‍රමය ආරම්භවීමත් සමග හෙට (01) සිට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක වේලාව පැයකින් ඉදිරියට දැමීමට නියමිතයි.

ඒ අනුව බටහිර ඔස්ට්‍රේලියාව – Northern Territory සහ ක්වීන්ස්ලන්ඩ් හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකම දැනට පවතින වේලාව හෙට අලූයම 02 සිට පැයකින් ඉදිරියට දැමෙනු ඇති.

ජංගම දුරකථන – පරිඝණක – අත් ඔරලෝසු වැනි ඩිජිටල් උපාංගවල වේලාව ස්වයංක්‍රීයව වෙනස් වනු ඇති නමුත් බිත්ති ඔරලෝසු වැනි උපාංගවල වේලාව වෙනස් කල යුතු වනවා.

නැවත වරක් ලබන වසරේ අප්‍රේල් පළමු සතියේ පළමු ඉරිදා හෙවත් 2024 වසරේ අප්‍රේල් 07 වන ඉරිදා අලුයම සම්මත ඔරලෝසු වේලාව පැයකින් ආපස්සට ගැනීමට නියමිතයි.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – දකුණු ඔස්ට්‍රේලියා – ටස්මේනියා සහ ACT යන ප්‍රාන්ත සඳහා මෙම සංශෝධන බලාත්මක වනවා.

1992 වසරේදී පැවති ජනමත විචාරණයකදී ප්‍රතික්ෂේපවීමත් සමගයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ Daylight saving ක්‍රමය ක්‍රියාත්මක නොවන්නේ.

Daylight saving ක්‍රියාත්මක ප්‍රදේශ

New South Wales, Victoria, South Australia, Tasmania, Australian Capital Territory – Norfolk Island

ක්‍රියාත්මක නොවන ප්‍රදේශ

Queensland, the Northern Territory, Western Australia, Christmas Island or the Cocos (Keeling) Islands

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »