ඔස්ට්‍රේලියාව තුළ ආබාධිත ප්‍රජාවට වඩාත් හිතකර පරිසරයක් වෙනුවෙන් නිර්දේශ 222 ක්

ඔස්ට්‍රේලියාව තුළ ආබාධිත ප්‍රජාවට වඩාත් හිතකර පරිසරයක් ඇතිකරලීම සඳහා නිර්දේශ 222 ක් ඇතුළත් වාර්තාවක් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

අදාළ රාජකීය කොමිසම විසින් වසර 4 1/2 ක් පුරා සිදුකල අධ්‍යයනයක් අවසානයේයි මෙම වාර්තාව අද නිකුත් කෙරුණේ.

ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් මට්ටමින් මෙන්ම රාජ්‍ය නොවන ආයතන මට්ටමින් ගතයුතු පියවර පිළිබඳවද එහි වෙන් වෙන් වශයෙන් දක්වා තිබෙනවා.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක වෙනම පාසල් 2051 වනර වනවිට මුලුමණින්ම අහෝසි කල යුතු බවටත් මෙහි අන්තර්ගතයි.

ප්‍රසිද්ධ මහජන අදහස් විමසීම් 32 කදී සාක්ෂිකරුවන් 837 ක් මෙම කාලසීමාව තුළදී ප්‍රකාශ ලබාදී තිබුණා.

ඊට අමතරව පුද්ගලික අදහස් දැක්වීම් 7,944 ක් ලැබී තිබූ බවයි රාජකීය කොමිසම නිවේදනය කර සිටියේ.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »