ක්වන්ටාස් හිටපු CEO ට සිර දඩුවමක් ???

ක්වන්ටාස් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් හට සිර දඩුවමක් නියම කරන බවට අනතුරු අගවා තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අමතර ගුවන් වාර නොදීම සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු සෙනෙට් කමිටු විමර්ශනයේදී සාක්ෂි ලබාදීම සඳහා පැමිණිම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමයි ඊට හේතුව වන්නේ.

කටාර් ගුවන් සේවයට අවසර නොදීම සඳහා ෆෙඩරල් රජය විසිනු ගනු ලැබූ තීරණයට ක්වන්ටාස් ගුවන් සේවය විසින් බලපෑම් කලේද යන්න තහවුරු කරගැනීමටයි සෙනෙට් කමිටුව විසින් ඇලන් ජොයිස් කැඳවා ඇත්තේ.

ෆෙඩරල් රජය විසින් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇතත් ක්වන්ටාස් ගුවන් සේවය විසින් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

සෙනෙට් කමිටුවක් විසින් කරනු ලබන කැඳවීම් ප්‍රතික්ෂේප කල පුද්ගලයන්ට සිර දඩුවම් නියම කල පූර්වාදර්ශයන් පවතින බැවින් ක්වන්ටාස් හිටපු ප්‍රධාන විධායක නිළධාරී ඇපන් ජොයිස් ට ද එලෙස සිර දඩුවමක් නියම කල හැකි බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »