ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාව සතු MRH-90 ටයිපන් වර්ගයේ සියලුම හෙලිකොප්ටර් යානා භාවිතයෙන් ඉවත් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන වසරෙන් පසු එම සියලුම යානා නැවත ගුවන් ගත කිරීමක් සිදු නොවනු ඇති.
පසුගිය ජූලි මාසයේදී ක්වීන්ස්ලන්ඩ් හිදී මෙම වර්ගයට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් ගුවන් හමුදා සෙබලුන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඒ වනවිටත් MRH-90 ටයිපන් වර්ගයේ සියලු හෙලිකොප්ටර් යානා 2024 වසරේ දෙසැම්බර් සිට භාවිතයෙන් ඉවත් කිරීමටයි ෆෙඩරල් රජය තීරණය කර තිබුණේ.
මෙම යානා වෙනුවට බ්ලැක් හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානා සිය ඇණියට එක් කිරීමටයි ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාව තීරණය කර ඇත්තේ.