අත්‍යවශ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් පමණක් ගිලන් රථ පහසුකම් සැපයීම සදහා නව ක්‍රමවේදයක් ආරම්භ කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය පියවර ගෙන තිබෙනවා.
පසුගිය වසරේදී පමණක් හදිසි ප්‍රතිකාර අවශ්‍ය නොවූ ගිලන් රථ සේවා වාර 21,000 ක් පමණ ක්‍රියාත්මක නොකිරීමටද එමගින් හැකිවී තිබුණා.
එවැනි අනවශ්‍ය සේවා පාලනය කිරීමේ අරමුණ ඇතිවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළද 0-0-0- (ට්‍රිපල් සීරෝ) සේවාව ආරම්භ කර ඇත්තේ.
ඒ අනුව ගිලන් රථ සායනික මධ්‍යස්ථාන සේවා සැපයීම සදහා ඩොලර් මිලියන 14.5 ක් ද වෙන් කර ඇති බව සඳහන්.
හදිසි ඇමතුම් හා සම්බන්ධ වීමේදි සිදුවන ප්‍රමාදයන් මෙන්ම ගිලන්රථ සේවා වල හී ඇතිවන ප්‍රමාදයන් 0-0-0- ඔස්සේ පාලනය කිරීමටද අවස්ථාව හිමිවන අතර ප්‍රතිකාර වඩාත් අත්‍යවශ්‍ය රෝගීන් සඳහා කඩිනමින් සේවා සැපයීමට මෙමගින් අවස්ථාව හිමිවීමද විශේෂත්වයක්.