
child care සේවකයින් සඳහා වැටුප් වර්ධකයක් ලබාදීමේ ඉල්ලීම සම්බන්ධ එකගතා සාකච්ඡා සඳහා fair work කොමිසම විසින් අනුමැතිය දී තිබෙනවා.
සියයට 25 ක වැටුප් වර්ධකයක් ලබාගැනීම වෘත්තිය සමිතිවල ඉල්ලීම වන අතර ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
child care මධ්‍යස්ථාන 64 ක සේවයේ නියුතු පුද්ගලයින් 12,000 ක් සඳහා මෙය අදාළ වනු ඇති

අදාළ යෝජනා සාර්ථක වන්නේ නම් අනෙකුත් child care මධ්‍යස්ථානවල සේවකයන් සඳහාද වැටුප් වර්ධක හිමිවීම දක්වා එය පුලූල් වනු ඇති බවයි වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ.
child care මධ්‍යස්ථානවල පවතින සේවක පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමටද මෙමගින් අවස්ථාව උදාවන බව සඳහන්.

මූලික වශයෙන් ඊට අදාළ ප්‍රතිපාදන ෆෙඩරල් රජයෙන් වෙන් කර ගත යුතු බවයි ඔස්ට්‍රේලියානු ළමා සුරැකුම් සන්ධානය පෙන්වා දෙන්නේ.
ළමා අධ්‍යාපනය මෙන්ම ළමා ආරක්ෂණය රටක මුලික අවශ්‍යතාවක් වන අතර එම සේවා සපයන වෘත්තිකයින් හට සහන සැපයීම අත්‍යාවශ්‍ය බවයි විචාරකයින් පවසන්නේ.