AFL අවසන් මහා තරගය අද මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම ක්‍රීඩාව ලෙස සැළකෙන Footy ක්‍රීඩාවේ AFL අවසන් මහා තරගය මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.

මෙල්බන් වේලාවෙන් පස්වරු 02.30 ටයි එය ආරම්භවීමට නියමිතව ඇත්තේ.

Collingwood Magpies සහ Brisbane Lions කණ්ඩායම් අතරයි AFL අවසන් මහා තරගය පැවැත්වෙන්නේ.

මෙම කණ්ඩායම් දෙක AFL අවසන් මහා තරගයකට පැමිණි ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වනවා.

Penrith Panthers සහ Brisbane Broncos කණ්ඩායම් අතර NRL අවසාන මහා තරගය හෙට සිඩ්නි ඔලිම්පික් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

අද මෙල්බන් උෂ්ණත්වය අංශක 26 ත් 30 ත් අතර පැවතිය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

හෙට සිඩ්නි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා යනු ඇති බවටයි කාළගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අගවා සිටින්නේ.

වසර ගණනාවකට පසු මෙම තරග 02 හිම අවසාන මහා තරග පවත්වන දිනවල ඉහළම උෂ්ණත්වයන් මෙම සති අන්තයේදී පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ සිට පැමිණි සරණාගතයෙක් සිඩ්නි පිහි ඇනුමට ලක්වූවන් අතර

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් පිහි ඇනුමෙන් මියගිය අය අතර ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය පකිස්ථාන සරණාගතයෙක් ද වන බව අනාවරණ වී තිබෙනවා.

Read More »