
බටහිර ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් ලබන වසරේ සිට දැඩි රෙගුලාසි අනුගමනය කිරීමට තීරණය වී තිබෙනවා.
ඒ අනුව ඉවතලන ජංගම දුරකථන – පරිගණක – බැටරි – තිර සහිත හෝ රහිත විද්‍යුත් උපකරණ නිසි ක්‍රිමවේදයන්ගෙන් තොරව පුද්ගල අභිමතය පරිදි බැහැර කිරීමට කිසිවෙකුටත් අවස්ථාව හිමිවන්නේ නැහැ.
බටහිර ඔස්ට්‍රේලියාව තුල වාර්ෂිකව එකතුවන විද්‍යුත් අපද්‍රව්‍යවලින් මේ වන විට ප්‍රතිචක්‍රීකරණය සිදු කරනු ලබන්නේ හතරෙන් එකක් පමණයි.

එහෙත් සෑම දිනකම ප්‍රාන්තයේ කසළවල තිබී ටොන් 15 ක පමණ විද්‍යුත් අපද්‍රව්‍ය හමුවන බව සඳන්.
පසුගිය වසරේ දී පමණක් දුරකතන – ටැබ් සහ පරිඝණක වැනි තිර සහිත උපාංග ටොන් 1,100 ක් පමණ ඉවත දමා තිබෙනවා.

එමෙන්ම ටොන් 206 ක් පමණ වන පරිඝණක ද පසුගිය වසරේදී කසළ තුළ තිබී හමුවී ඇති බව සඳහන්.
අදාල රෙගුලාසි පැනවීමට පෙර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට නියමිත අතර
ඒ සදහා ඩොලර් මිලියන 14 ක් ද වෙන් කර තිබෙනවා.
බටහිර ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීම – ගබඩා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ඩොලර් මිලියන 10.1 ක් ද වෙන් කිරීමට නියමිතයි.
සෑම ඔස්ට්‍රේලියානුවෙකුම වසරකට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ක් පමණ පරිසරට මුදා හරින බවයි සොයාගෙන ඇත්තේ.