සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Penrith Panthers සහ Brisbane Broncos කණ්ඩායම් අතර NRL අවසාන මහා තරගය ලබන ඉරිදා සිඩ්නි ඔලිම්පික් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එදින සිඩ්නි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා යනු ඇති බවටයි කාළගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අගවා සිටින්නේ.

Collingwood Magpies සහ Brisbane Lions කණ්ඩායම් අතර AFL අවසන් මහා තරගය මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ ලබන සෙනසුරාදා දිනයේදීයි.

එදින මෙල්බන් උෂ්ණත්වය අංශක 26 ත් 30 ත් අතර පැවතිය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

වසර ගණනාවකට පසු මෙම තරග 02 හිම අවසාන මහා තරග පවත්වන දිනවල ඉහළම උෂ්ණත්වයන් මෙම සති අන්තයේදී පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.

මේ අතර ඉදිරි මාස 07 තුල වාර්තාගත උණුසුම් අධික තත්වයකට ඔස්ට්‍රේලියාව මුහුණු දෙනු ඇති බවට කාළගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.

එල්නිනෝ කාළගුණික වෙනස්වීමත් සමග ඔක්තෝබර් සිට එළඹෙන අප්‍රේල් මස දක්වා මෙම තත්වය පවතිනු ඇති.

අධික උණුසුම, නියගය, සුළි සුලං මෙන්ම ලැව්ගිණි ආදි ආපදා තත්වයන්ට එම කාල පරිච්ඡේදය තුලදී මුහුණ දීමට සිදුවනු ඇතැයි කාළගුණ අංශ නිවේදනය කර තිබෙනවා.

මෙතෙක් රට තුළ වාර්තා වූ ඉහළතම උෂ්ණත්වය 1910 වසරේ සටහන්වු සෙල්සියස් අංශක 50.7 ක අගය වන අතර එම වාර්තා යළිත් අලූත් විය හැකි බවයි කාළගුණ අංශ අනතුරු අගවා ඇත්තේ.

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »