
ඔස්ට්‍රේලියාවේ යුධමය අගනුවර බවට ටවුන්ස්විල් නගරය පත් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් සඳහන් කලේ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලෙහි මූලික පියවරක් ලෙස එය ක්‍රියාත්මක කෙරෙන බවයි.
මේ අනුව දැනට ආරක්ෂක අගනුවර ලෙස පවත්වාගෙන යන ඇඩිලේඩ් නගරයෙන් බලඇණි 800 ක් ඉවත් කර ටවුන්ස්විල් නගරයේ ස්ථානගත කෙරෙනු ඇති.

ඊට අමතරව බ්‍රිස්බන් නගරයේ බලඇණි 200 ක් සහ ඩාර්වින් නගරයේ බලඇණි 100 ක් ද ස්ථාපිත කිරීමටයි නියමිතව ඇත්තේ.
ඔස්ට්‍රේලියානු යුධ හමුදාවට අයත් යුධ ටැංකි සහ යුධ උපකරණ අතුරින් බහුතරයක් ටවුන්ස්විල් නගරය වෙත ගෙනයාමටද සැළසුම් කර ඇති බව සඳහන්.

2025 වසර වනවිට මෙම සියලු ස්ථානගත කිරීම් සිදුකර අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.