ඔස්ට්‍රේලියා පුරවැසි හෝ PR හිමි මිලියන 02 කට නත්තලට පෙර $ මිලියන 75 ක ප්‍රතිලාභ

ලක්ෂ 20 කට ආසන්න රක්ෂණ හිමියන්ට ඩොලර් මිලියන 75 ක ප්‍රතිලාභ බෙදා දීමට සෞඛ්‍ය රක්ෂණ සමාගමක් වන Bupa (බූපා) විසින් පියවර ගෙන තිබෙනවා.

ලබාගෙන ඇති රක්ෂණාවරණය අනුව ඩොලර් 47 ත් ඩොලර් 344 ත් අතර මුදලක් බැගින් බැංකු ගිණුම් වෙත බැර කරන බවයි ඔවුන් දන්වා ඇත්තේ.

ලබන නොවැම්බර් මාසයේ සිට මෙම මුදල් බැර කිරීම් ආරම්භ කරන බවත් නත්තලට පෙර සියලු මුදල් තැන්පත් කර අවසන් කරන බවත් බූපා රක්ෂණ සමාගම නිවේදනය කර සිටිනවා.

පසුගිය වසරේ ජුලි 01 වනදා සිට මෙම වසරේ ජුනි 30 වනදා දක්වා අවම වශයෙන් මාස 03 ක කාලයක් රක්ෂණාවරණය පවත්වාගෙන ගිය ඔස්ට්‍රේලියානු පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන්ට මෙම වරප්‍රසාදය අත්වනු ඇති.

බූපා සමාගම විසින් මෙම වසර තුළදී රක්ෂණ හිමියන් වෙත ප්‍රතිලාභ බෙදා දෙන 03 වන අවස්ථාව මෙයයි.

පසුගිය ජූනි මාසයේදී ඩොලර් මිලියන 320 ක මුදලක්ද අනතුරුව තවත් ඩොලර් මිලියන 154 ක මුදලක්ද එලෙස වෙන් කරනු ලැබුවා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »