Search

වික්ටෝරියා විද්‍යූත් වාහනවලින් බද්දක් අය කිරීම අසාධාරණ බවට නිගමනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යූත් වාහනවලින් බද්දක් අය කිරීම අසාධාරණ බවට ප්‍රාන්ත රජයේ ඔම්බුඩ්ස්මන් විමර්ශනයකදී අනාවරණය කරගෙන තිබෙනවා.

ඉන්ධන භාවිත කරන වාහනවලින්, මාර්ග නඩත්තු සඳහා අය කෙරෙන බද්ද හා සමාන අය කිරීමක් මෙහිදීත් සිදුවන බවත් එය අහිතකර වායු පිටවීම් වළක්වාලීමේ උත්සාහයන් අඩපණ කරන බවත් ඔවුන් නිකුත් කර ඇති වාර්තාවක සඳහන්.

වික්ටෝරියා මාර්ගවල ධාවනය කෙරෙන විද්‍යුත් වාහනවලින් සෑම කිලෝමීටරයක් සඳහාම මෙම ගාස්තුව අය කිරීම ආරම්භ කෙරුණේ වසර 02 කට පෙර සිටයි.

එම නීතිය අභියෝගයට ලක් කරමින් ෆෙඩරල් අධිකරණයක් හමුවේ මේ වනවිට නඩුවක්ද පවරා තිබෙනවා.

කාබන් විමෝචන ඉලක්ක සපුරා ගැනීමට විද්‍යුත් වාහන සඳහා තවත් සහන දිය යුතු වාතාවරණයකදී තවත් බදු අය කිරීම පිළිගත නොහැකි බවයි ඔම්බුඩ්ස්මන් විමර්ශනයේ දක්වා ඇත්තේ.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »