Search

ගැබ් ගැනීම් වළක්වන පෙති නිර්දේශ කිරීමේ බලතල NSW ඔසුසැල් හිමියන්ටත්

වෛද්‍ය අනුමැතිය නොමැතිව, ගැබ් ගැනීම් වළක්වන පෙති නිර්දේශ කිරීමේ බලතල නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඔසුසැල් හිමියන්ටද ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ප්‍රාන්තය පුරා ඔසු සැල් 900 ක මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ පෙරේදා දිනයේදී ආරම්භ කල නියමු වැඩසටහන හා සමගාමීවයි.

මේ අනුව අවුරුදු 18 ත් 35 ත් අතර කාන්තාවන්ට වෛද්‍යවරයෙකු වෙත යාමෙන් තොරව අදාළ පෙති මිළදී ගැනීමට අවස්ථාව උදාවනු ඇති.

කෙසේවෙතත් ඖෂධ නිකුත් කිරීමට පෙර කාන්තාවන්ගේ රුධිර පීඩනය මැන බැලීම අනිවාර්ය වනවා.

කිසියම් අයෙකුගේ රුධිර පීඩනය නියමිත සීමාව තුළ නොමැති නම් වෛද්‍යවරයෙකු වෙත යොමුකල යුතුයි.

මේ හරහා නිවු සවුත් වේල්ස් කාන්තාවන් විශාල පිරිසකට සැළකිය යුතු සහනයක් අත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »