Search

ඔස්ට්‍රේලියා රග්බි කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්ථානය දක්වා පහළට

ඔස්ට්‍රේලියා ජාතික රග්බි කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්ථානය දක්වා පහළ ගොස් තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන රග්බි ලෝක කුසලානයේ පසුගියදා වේල්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් ඔවුන්ට 40 ට 6 ක දැවැන්ත පරාජයක් අත්වුණා.

ඒ සමගම මෙතෙක් 09 වන ස්ථානයේ පසුවූ වොලබීස් ලෙසින් ජනප්‍රිය ඔස්ට්‍රේලියානු රග්බි කණ්ඩායමට 10 වන ස්ථානය දක්වා පහළට යාමටයි සිදුවී ඇත්තේ.

ශ්‍රේණිගත කිරිම්වල අයර්ලන්තය පෙරමුණේ පසුවන අතර, ප්‍රංශය දෙවන ස්ථානයේත්, දකුණු අප්‍රිකාව 03 වන ස්ථානයේත් පසුවනවා.

මේ අතර ඔස්ට්‍රේලියා ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුකරු එඩී ජෝන්ස් හට ජපාන ජාතික කණ්ඩායමේ පුහුණුකාර ධුරය සඳහා ආරාධනාවක් ලැබී තිබෙනවා.

එහෙත් තවදුරටත් තමන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග කටයුතු කරන බවටයි ඔහු සහතික වී ඇත්තේ.